ටැටූ (tattoo) කියන්නේ මොනවද?
ටැටූ (tattoo) එහෙමත් නැතිනම් පච්ච කියලා කියන්නේ
මොනවද?
අපි කවුරුත් විලාසිතා කරන්න කැමතියි. විලාසිතා
කිව්වම එක එක විදියේ විලාසිතා තියෙනවනේ. ඇදුමෙන් පැළදුමෙන් සමහරු විලාසිතා කරනවා.
තවත් සමහරු කොන්ඩෙන් විලාසිතා කරනවා. අලුත් අලුත් මෝස්‌තර වලට කොන්ඩේ කපනවා. පාට
කරනවා. මේ අතරේ තව සමහරු ඉන්නවා තමන්ගේ සිරුරට එක එක විලාසිතා කරනවා. කන විදලා කරාඹුවක්
දානවා වගේම දැන් සිරුරේ වෙනත් ප්‍රදේශ වලටත් කරාඹුවක් එහෙමත් නැතිනම් මුද්දක් දාලා
විලාසිතා කරනවා. උදාහරණයක් විදියට නහය, ඇහිබැම, දිව හා පෙකනිය වැනි ස්ථානත් මේ
විලාසිතා වලට යොදා ගන්නවා.
ටැටූ කියන්නෙත් මෙන්න මේ වගේ තමන්ගේ සිරුරට කරන
විලාසිතාවක්. එහෙම නැතිනම් සිරුර වෙනස් කිරීමක් (Body Modification) විදියට
හදුන්වන්න පුළුවන්. මෙහි විශේෂත්වය වන්නේ මේ සදහා තීන්ත (Ink) භාවිතා කිරීමයි.
ශ්‍රී ලංකාව තුල මෑතක් වනතුරුම ටැටූ පිළිබඳව
තිබුනේ එතරම් යහපත් ආකල්පයක් නෙමේ. ටැටූ එකක් කරපු කෙනෙක් රස්තියාදුකාරයෙක්, මැරයෙක්
විදියටයි සමාජ පිළිගැනීම වුනේ. ටැටූ කරපු අය දන්නවා ටැටූ එක නිර්මාණය වෙනකොට
සියුම් වේදනාවක් ඇති වෙනවා කියලා. අද තරම් දියුණු ටැටූ ශිල්පිය ක්‍රම නොතිබුණු අතීතයේ
අදට වඩා වේදනාවක් දෙනෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. එවැනි වේදනාවක් දරා ගැනීමට
හැක්කේ සිත දැඩි කෙනෙකුට පමණයි යන මතය නිසා ටැටූ කරපු අය දැඩි සිතක් තියෙන රස්තියාදුකාරයෙක්,
මැරයෙක් විදියට සලකන්න ඇති.
කෙසේ හෝ අද වනවිට ගැහැණු පිරිමි භේදයකින් තොරව
ටැටූ ඉතා ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වෙලා. ටැටූ වලට කැමති අයට, ටැටූ කලාවට ආදරේ
කරන අයට ටැටූ ගැන කියවන්න සිංහල වෙබ් පිටු තියෙන්නේ ඉතාමත් ස්වල්පයක්. ඒ නිසා
අපිත් හිතුවා සිංහලෙන්ම ටැටූ ගැන කථා කරන්න. අපේ මේ බ්ලොග් (Blog) එකෙන් ටැටූ ගැන
හැම තොරතුරක්ම ඉදිරියට දැන ගන්න පුළුවන් වේවි.
Comments
Post a Comment