ටැටූ කලාවේ ඉතිහාසය | History of Tattoos
ටැටූ කලාවේ ඉතිහාසය | History of Tattoos
වර්ණක සම තුලට ඇතුල්කර කරන මේ කලාවට ටැටූ (tatto) කියන නම ලැබිල තියෙන්නේ ටහිටියානු (tahitian) භාෂාවේ එන “ටටු” (tatu) කියන පදයෙන්. මෙහි සිංහල තේරුම වන්නේ “යමක් සලකුණු කිරීම” (to mark something) යන්නයි.
![]() | |||||||
ටැටූ ඇති චිරිබය
මමියේ දකුණු අත.
|
ප්‍රාග්
එඉතිහාසික යුගයේ ප්‍රංශයේ, පෘතුගාලයේ හා ස්කැන්ඩියාවේ ජිවත් වූ මිනිසුන් ටැටූ කල
බවට සාක්ෂි හමුවෙලා තියෙනවා. වසර 12000කට වඩා පැරණි, ටැටූ සදහා භාවිතා කරන්නට ඇතියි
සිතිය හැකි උපකරණ කැණීම්වලින් සොයාගෙන ඇත. ඕට්ස් (otz) නිම්නයේ තිබී සොයා ගන්න ලද “ඕට්ස්
අයිස් මැන්” (otzi ice man) ලෙසින් හදුන්වන මමියේ සම මතුපිට ඇති ටැටූ, හදුනාගත් ලොව
පැරණිතම ටැටූ සහිත මිනිස් ශරීරය ලෙස සැලකනු ලබයි. මිට අමතරව ඊජිප්තු මමී තුලද ටැටූ
සොයාගෙන තියෙනවා. ටැටූ භාවිතය ආරම්භ වන්නට ඇතෙයි සැලකෙන්නේ කි.පු. 4 වැනි සියවසේදී
පමණය. ඊජිප්තුවේ පිරමීඩ ඉදිකරන කාලයේදී ටැටූ කලාවක් ලෙස ව්‍යාප්ත වන්නට ඇති බව සැලකේ.
ක්‍රිස්තියානි
ආගමේ ව්‍යාප්තියත් සමගම ටැටූ කලාව රළු, චණ්ඩ සම්ප්‍රදායක් ලෙස පිලිගැනීමට ලක්වුනා.
මේ හේතුවෙන් යුරෝපය තුල ටැටූ කලාව මිලන වෙනවා. පසුකාලීනව යුරෝපිය දේශ ගවේශකයින්
ඔවුන් සංචාරය කල රටවල ස්වදේශිකයන් ගේ ටැටූ කලාව යුරෝපය තුල ප්‍රචලිත කරනවා. යුරෝපිය
රටවල මෙන්ම චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව හා ජපානය වැනි ආසියාතික රටවලත් අතීතයේ පටන්
ටැටූ කලාව ව්‍යාප්තව පැවතුනා.
අතීතයේදී විවිධ අරමුණු සදහාද ටැටූ යොදා ගැනුනා. මේවා
රටින් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වුනා. ග්‍රීක වැසියන් තමන්ගේ
ඔත්තුකරුවන් හදුනා ගැනීමට සහ ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් සදහා ටැටූ යොදාගත්තා. ඒවගේම
රෝමානුවන් අපරාධකරුවන් සහ වහලුන් සලකුණු කිරීමට ටැටූ යොදා ගත්තා. වර්තමානයේදීත්
විවිධ සංවිධාන තමන්ගේ සාමාජිකයින් හදුනා ගැනීමට ඔවුනට අවේනික වූ සංකේත ටැටූ ලෙස භාවිතා
කරනවා.
වර්තමානය වනවිට ටැටූ කලාව සැම රටකම සැම නගරයකම ව්‍යාප්ත
වෙලා. දක්ෂ ටැටූ ශිල්පින් මෙන්ම මුදල් ඉපයීම සදහා සුදුසුකම් නොලත් ටැටූ ශිල්පීන්ද
වර්තමාන ටැටූ කලාව තුල නියලේ.
මුලාශ්‍රය:
https://en.wikipedia.org/wiki/History_of_tattooing
Comments
Post a Comment