ටැටූ එකක් තෝරාගන්නේ කොහොමද? | How to Choose a tattoo design?
ටැටූ එකක් තෝරාගන්නේ කොහොමද? | How to Choose a tattoo design?
තමන්ට ගැලපෙන ටැටූ එක තොරගන්න පොඩි ඉඟි ටිකක්
දෙන්න අපි අද හිතුවා.
ඔබගේ
ටැටූ විලාසිතාව දකින කෙනෙක් ඒ තුලින් ඔබගේ පෘරුෂත්වය, ඔබ ඇලුම් කරන දේවල්, ඔබගේ
දර්ශනය මොන වගේද කියලා අදහසක් ගන්නවා. ඒ නිසා ටැටූ එකක් තෝරාගැනීමේදී මේ කරුණු
පිළිබඳව සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. එසේ නොවුනොත් ඔබගැන වැරදි ආකල්පයක් ඔවුන්
තුල ඇති වෙනවා. අපි ගොඩක් වෙලාවට ටැටූ එකක් කරන්නේ කවුරු හරි කලින් කරලා තියෙන
design එකක්. යාලුවෙක් හරි එහෙම නැතිනම් අන්තර්ජාලයෙන් search කරලා හරි සොයා ගත්ත නිර්මාණයක්.
එහෙමත් නැතිනම් ටැටූ ශිල්පියෙක් සොයා ගෙන ගිහින් එයා ලග තියෙන එයා කලින් කරපු
ටැටුස්වල පින්තූර ඇතුරින් එකක් තෝරාගන්නවා.
සමහර
ටැටූ ශිල්පියෝ ඉන්නවනේ අනුන්ගේ ටැටූ නිර්මාණ තමන්ගේ වගේ ලග තියාගෙන ඉන්න අය. වැරදිලා
හරි එහෙම එකක් තෝරාගෙන එක කලට පස්සේ තමයි අපිටත් තරු පෙන්නේ. තෝරගත්ත සිංහයා
වෙනුවට නරියෙක් ටැටූ කරලා කියලා දැක්කම.
ඔබ
තෝරාගන්නා ටැටූ design එකේ ප්‍රමාණය, එය ශරීරයේ කුමන ස්ථානයටද වඩා ගැලපෙන්නේ කියන
එකත්, ඒ සදහා යොදා ගන්නා වර්ණ මොනවද, ඔබ වැය කරන මුදල හා විශේෂයෙන්ම ටැටූ ශිල්පියා
කවුරුන්ද යන කරුණු ඔබම තීරණය කලයුතු වෙනවා. ටැටූ එකක් කරනවාට වඩා වැඩි මුදලක් ටැටූ
ඉවත් කරන්න වැයවන නිසා නිවැරදිම ටැටූ design එක තෝරාගැනීම ඉතා වැදගත්.
අපි
කලිනුත් කිව්වා වගේ ටැටූ design එකක් තෝරාගන්න පහසුම විදිය තමයි අන්තර්ජාලය.
අන්තර්ජාලය හරහා තමන්ට කැමති ආකාරයේ විලාසිතාවක් තෝරාගන්න පුළුවන්. අන්තර්ජාලයේ
ජයාරූප ගබඩා කරලා තියෙන්නේ වර්ග අනුව. ඒ නිසා තමන්ට අවශ්‍ය ටැටූ වර්ගය මොකද්ද
කියලා ඔබට අදහසක් තියෙනවනම් ඒ ඔස්සේ සෙවීම කරලා design එකක් තෝරාගන්න පුළුවන්.
කොහොමහරි
design එකක් තෝරාගත්තා කියමුකෝ. ඔබට තියෙන ඊලග ප්‍රශ්නය තමයි ටැටූ එකේ ප්‍රමාණය,
යොදා ගන්න වර්ණ මොනවද, ශරීරයේ කුමන ස්ථානයටද වඩාත්ම ගැලපෙන්නේ කියන කාරණා. මේ ප්‍රශ්න
වලට හොදම පිළිතුර තමයි ඔබගේ ටැටූ ශිල්පියා. ඔහු පළපුරුදු අයෙක්නම් ඔබගේ මේ ප්‍රශ්නවලට
පිළිතුරු ලබා දෙවි. ඔබ අමාරුවෙන් තෝරගත්ත නිර්මාණය ඒ අයුරින්ම ටැටූ කරන්න පුළුවන්
දක්ෂ ටැටූ ශිල්පියෙක්ට විතරයි. ඒ නිසා ටැටූ ශිල්පියෙක් තෝරාගැනීමේදී වඩාත්
සැලකිලිමත්වන්න. ඔබගේ design එකත් එක්ක ගිහින් ඔහුත් සමග සාකච්චා කරන්න. ඔහුගේ
ටැටූ album බලන්න. හැකියාවක් තියෙනවනම් කලින් එම ශිල්පියාගේ සේවාදායකයෙක් හමුවී
තොරතුරු දැනගන්න.
ඔබට පහසුවක් වෙන්න බහුලව භාවිතාවන ටැටූ වර්ග සහ
ලංකාවේ දක්ෂ ටැටූ ශිල්පින් ගැනත් තොරතුරු ඉදිරි ලිපි වලින් දැනුවත් කරන්නම්.
Comments
Post a Comment