ටැටූ කලාවේ ඉතිහාසය | History of Tattoos

ටැටූ කලාවේ ඉතිහාසය | History of Tattoos වර්ණක සම තුලට ඇතුල්කර කරන මේ කලාවට ටැටූ (tatto) කියන නම ලැබිල තියෙන්නේ ටහිටියානු (tahitian) භාෂාවේ එන “ටටු” (tatu) කියන පදයෙන්. මෙහි සිංහල තේරුම වන්නේ “යමක් සලකුණු කිරීම” (to mark something) යන්නයි. ටැටූ ඇති චිරිබය මමියේ දකුණු අත . ප්‍රාග් එඉතිහාසික යුගයේ ප්‍රංශයේ, පෘතුගාලයේ හා ස්කැන්ඩියාවේ ජිවත් වූ මිනිසුන් ටැටූ කල බවට සාක්ෂි හමුවෙලා තියෙනවා. වසර 12000කට වඩා පැරණි, ටැටූ සදහා භාවිතා කරන්නට ඇතියි සිතිය හැකි උපකරණ කැණීම්වලින් සොයාගෙන ඇත. ඕට්ස් (otz) නිම්නයේ තිබී සොයා ගන්න ලද “ඕට්ස් අයිස් මැන්” (otzi ice man) ලෙසින් හදුන්වන මමියේ සම මතුපිට ඇති ටැටූ, හදුනාගත් ලොව පැරණිතම ටැටූ සහිත මිනිස් ශරීරය ලෙස සැලකනු ලබයි. මිට අමතරව ඊජිප්තු මමී තුලද ටැටූ සොයාගෙන තියෙනවා. ටැටූ භාවිතය ආරම්භ වන්නට ඇතෙයි සැලකෙන්නේ කි.පු. 4 වැනි සියවසේදී පමණය. ඊජිප්තුවේ පිරමීඩ ඉදිකරන කාලයේදී ටැටූ කලාවක් ලෙස ව්‍යාප්ත වන්නට ඇති බව සැලකේ. ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තියත් සමගම ටැටූ කලාව රළු, චණ්ඩ සම්ප්‍රදායක් ලෙස පිලිගැනීමට ලක්වුනා. මේ හේතුවෙන් යුරෝපය තුල ටැටූ කලා...