Posts

ටැටූ එකක් තෝරාගන්නේ කොහොමද? | How to Choose a tattoo design?

Image
ටැටූ එකක් තෝරාගන්නේ කොහොමද? | How to Choose a tattoo design? තමන්ට ගැලපෙන ටැටූ එක තොරගන්න පොඩි ඉඟි ටිකක් දෙන්න අපි අද හිතුවා.           ඔබගේ ටැටූ විලාසිතාව දකින කෙනෙක් ඒ තුලින් ඔබගේ පෘරුෂත්වය, ඔබ ඇලුම් කරන දේවල්, ඔබගේ දර්ශනය මොන වගේද කියලා අදහසක් ගන්නවා. ඒ නිසා ටැටූ එකක් තෝරාගැනීමේදී මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. එසේ නොවුනොත් ඔබගැන වැරදි ආකල්පයක් ඔවුන් තුල ඇති වෙනවා. අපි ගොඩක් වෙලාවට ටැටූ එකක් කරන්නේ කවුරු හරි කලින් කරලා තියෙන design එකක්. යාලුවෙක් හරි එහෙම නැතිනම් අන්තර්ජාලයෙන් search කරලා හරි සොයා ගත්ත නිර්මාණයක්. එහෙමත් නැතිනම් ටැටූ ශිල්පියෙක් සොයා ගෙන ගිහින් එයා ලග තියෙන එයා කලින් කරපු ටැටුස්වල පින්තූර ඇතුරින් එකක් තෝරාගන්නවා. සමහර ටැටූ ශිල්පියෝ ඉන්නවනේ අනුන්ගේ ටැටූ නිර්මාණ තමන්ගේ වගේ ලග තියාගෙන ඉන්න අය. වැරදිලා හරි එහෙම එකක් තෝරාගෙන එක කලට පස්සේ තමයි අපිටත් තරු පෙන්නේ. තෝරගත්ත සිංහයා වෙනුවට නරියෙක් ටැටූ කරලා කියලා දැක්කම.           ඔබ තෝරාගන්නා ටැටූ ...

ටැටූ කලාවේ ඉතිහාසය | History of Tattoos

Image
ටැටූ කලාවේ ඉතිහාසය | History of Tattoos වර්ණක සම තුලට ඇතුල්කර කරන මේ කලාවට ටැටූ (tatto) කියන නම ලැබිල තියෙන්නේ ටහිටියානු (tahitian) භාෂාවේ එන “ටටු” (tatu) කියන පදයෙන්. මෙහි සිංහල තේරුම වන්නේ “යමක් සලකුණු කිරීම” (to mark something) යන්නයි. ටැටූ ඇති චිරිබය මමියේ දකුණු අත . ප්‍රාග් එඉතිහාසික යුගයේ ප්‍රංශයේ, පෘතුගාලයේ හා ස්කැන්ඩියාවේ ජිවත් වූ මිනිසුන් ටැටූ කල බවට සාක්ෂි හමුවෙලා තියෙනවා. වසර 12000කට වඩා පැරණි, ටැටූ සදහා භාවිතා කරන්නට ඇතියි සිතිය හැකි උපකරණ කැණීම්වලින් සොයාගෙන ඇත. ඕට්ස් (otz) නිම්නයේ තිබී සොයා ගන්න ලද “ඕට්ස් අයිස් මැන්” (otzi ice man) ලෙසින් හදුන්වන මමියේ සම මතුපිට ඇති ටැටූ, හදුනාගත් ලොව පැරණිතම ටැටූ සහිත මිනිස් ශරීරය ලෙස සැලකනු ලබයි. මිට අමතරව ඊජිප්තු මමී තුලද ටැටූ සොයාගෙන තියෙනවා. ටැටූ භාවිතය ආරම්භ වන්නට ඇතෙයි සැලකෙන්නේ කි.පු. 4 වැනි සියවසේදී පමණය. ඊජිප්තුවේ පිරමීඩ ඉදිකරන කාලයේදී ටැටූ කලාවක් ලෙස ව්‍යාප්ත වන්නට ඇති බව සැලකේ. ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තියත් සමගම ටැටූ කලාව රළු, චණ්ඩ සම්ප්‍රදායක් ලෙස පිලිගැනීමට ලක්වුනා. මේ හේතුවෙන් යුරෝපය තුල ටැටූ කලා...